අපගේ දැක්ම
ඵලදායී රාජ්‍ය සේවයක් තුළින් ජන දිවිය නංවාලීම
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනූකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුතු කාර්යක්ෂම, තිරසාර හා සැළසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම.
දකුණුලක නිල්වලා නදිය අසබඩ මහ සයුරට මායිම්ව පිහිටි අභිමානනීය ඉතිහාසයකට උරුමකම් කියන මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක් ඇති අතර ඉන් එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකි. මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, දිස්ත්‍රික්කය වශයෙන් සලකා බලන විට වර්ග කිලෝමීටර 1,282.5ක් හෙවත් හෙක්ටයාර් 128,250ක භූමි වපසරියකින් යුක්ත සශ්‍රීක භූමි ප්‍රදේශයක් වශයෙන් සඳහන් කිරීම නිවැරදිය. මාතර දිස්ත්‍රික්කය මිලිලීටර 2581.5ක සාමාන්‍ය වර්ෂාපතනයකින් හා අංශක 27.3ක සාමාන්‍ය උෂ්ණත්වයකින් ද යුක්ත තෙත් කලාපීය දේශගුණික ලක්ෂණවලින් යුක්ත වේ.
මාලිම්බඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය වර්ග කිලෝමීටර 44.7කින් සමන්විත වන අතර ග්‍රාම නිලධාරී වසම් 29කින් ආවරණය වේ. කොට්ඨාසය ගම් 72කින් සමන්විතය. මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අකුරැස්ස මැතිවරණ කොට්ඨාසයට අයත් වේ. එමෙන්මමාලිම්බඩ හා කොටවිල යන පොලිස් බල ප්‍රදේශ ද්විත්වයටම අයත් වන්නකි. අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් වේ. තවද මහාධිකරණ බල ප්‍රදේශය හා මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය මාතර වේ.
මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කේන්ද්‍රය වන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මාතර අකුරැස්ස මාර්ගයේ මාලිම්බඩ නගරයේ පිහිටා ඇත. එය දිස්ත්‍රික් කාර්යාලයේ සිට කි.මී. 09ක දුරින් පිහිටා ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාලිම්බඩ බටහිර ග්‍රාම නිලධාරී වසමේ උස අඩි 33ක් වනමනහරඋස් භූමියක පිහිටා ඇත.
ඓතිහාසික පසුබිම
රුහුණුපුර නිල්වලා නදියෙන් පහස ලද මාලිම්බඩ ගම් පියස පුරාණයේ සිටම ජනාකීර්ණ හා පරිපාලනය අතින් වැදගත් වූ ප්රදේශයකි.සොබාදහමේ දායාදයක් වූ නිල්වලා නදිය මෙම ග්‍රාමය අසලින් ගලා බසී. එමඟින් මෙම ප්‍රදේශය ස්වයංපෝෂිත ප්රදේශයක්ව තිබූ බවට සාක්ෂි දරයි.
අතීතයේදී මෙම චමත්කාර ජනක භූමි භාගයේ ප්‍රසිද්ධ ළිඳක් තිබී ඇත. එය මහළිඳබොඩ නමින් හැඳින්වූ අතර පසුව මහළිඳබොඩ / මහළිංබඩ / මාලිම්බඩ යනුවෙන් ව්‍යවහාර විය.
මහාබෝධි වංශයේ සඳහන් වන පරිදි අනුරාධපුර සමයේ මෙරටට වැඩම කළ ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ බෝධි අංකුර ශාඛාවක් මෙම ප්‍රදේශයේ ගනේගම පිහිටුවා ඇත. එමෙන්ම පොළොන්නරු සමයේ රජකලකලය්යාණවතී බිසව ආදී බිසෝවරුන්ද, මහනුවර යුගයේ ප්‍රාදේශීය රජවරුන් ද සිටි බවට රජගෙවත්ත, මාලිගාතැන්න, බිසෝදොළ වැනි ස්ථානයන් සාක්ෂි දරයි.
එකල තියුණු ආයුධ තැනීමේ කර්මාන්තය මෙම ප්‍රදේශයේ දියුණුවට පත්ව තිබී ඇත. මේ අතර කඩුවට විශේෂ ස්ථානයක් හිමිවී තිබුණි. කඩු සපයන ප්‍රදේශය කඩුකන්න විය.මේ අනුව මෙම ගම් පියස ඓතිහාසික වටිනාකමක් ඇති ප්‍රදේශයක් ලෙස දැක්විය හැකිය.
ප්‍රදේශයේ පිහිටීම
නිල්වලා නිම්නය අසල පිහිටි මාලිම්බඩ කොට්ඨාශය මාතර නගරයට ආසන්නව පිහිටි කුඩා කොට්ඨාසයකි. විවිධ අවස්ථාවන්හිදී පරිපාලනමය වශයෙන් කොට්ඨාසය බෙදා වෙන් කිරීම නිසා සිදුවූයේ කොට්ඨාසයේ වර්තමාන භුමි ප්‍රමාණය වර්ග කි. මීටර් 44.7කට සීමාවීමයි.
මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, උතුරින් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද නැගෙනහිරින් නිල්වලා නදියෙන් ද දකුණින් තිහගොඩ හා මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ද බටහිරින් වැලිගම හා වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ද මායිම් වී ඇත. නිල්වලා ගඟ කොට්ඨාසයේ එක් පැත්තකින් ගලා බසින අතර සාමාන්‍ය ජල ගැල්මකට වුවද මෙම කොට්ඨාසයේ ඇතැම් ස්ථාන ගංවතුරට යටවේ. සමස්ථයක් වශයෙන් ගත් කල මාලිම්බඩ කොට්ඨාසය බටහිරින් හා උතුරින් මඳ උස්බිම් සහිත තැනිතලා ප්‍රදේශයක් වශයෙන් හැඳින්විය හැකිය.
පරිපාලන ව්‍යුහය
මෙම කොට්ඨාසය මධ්‍යම රජයේ පරිපාලනය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය සභාව හරහා පාලනය වේ. අතීතයේ දී ග්‍රාම නිලධාරී වසම්10කින් සමන්විත වූ මෙම කොට්ඨාසය දැනට ග්‍රාම නිලධාරී වසම් 29කින් සමන්විත වේ.
1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |












