කාර්යාලයීය අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි වගකීම් සහ කාර්යයන්
- ආයතනය තුල පවතින පද්ධතිමය බාධාවන් ( System bottlenecks) හඳුනා ගැනීම සඳහා වත්මන් ක්‍රියාපටිපාටි, චක්‍රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
- දූෂණ අවධානම් ඇගයීම් ( Corruption Risk Assessment) සිදු කිරීම මඟින් ආයතනය තුල අල්ලස, දූෂණය, වංචාව,වෙනත් අක්රමිකතාවයන් හා සදාචාර විරෝධී හැසිරීම් වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ ඉලක්ක ගත වැලැක්වීමේ පියවර ගැනීම.
- ආයතනයේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කරන ලද නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුලත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
- ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළ ගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ග වලට අනුකූල වීම.
- 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දූෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකූලතා සමාලෝචන (Compliance Assessments) සිදු කිරීම සහ වැඩි දියුණු කල යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම.
- සියළුම රාජ්‍ය නිලධාරීන් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටම් කළමනාකරණය කිරීම.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාලව වසම් මට්ටමින් පවතින ග්‍රාම නිලධාරී කාර්යාලයන්හි, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී කාර්යාලයන්හි, සමෘද්ධි සංවර්ධන නිලධාරී කාර්යාලයන්හි හෝ සමෘද්ධි බැංකු තුල සිදුවිය හැකි අල්ලස් ලබා ගැනීමක්, දූෂණයක්, වංචාවක් හෝ කිසියම් වෙනත් අක්‍රමිකතාවයක් සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියළුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකකය විසින් කඩිනමින් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගකීම සහතික කරමින් විමසීම් සිදුකරන අදාළ පාර්ශවකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම. අවශ්‍ය පරිදි දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු, සොයා ගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
- ආයතනය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ විස්තර කෙරෙන පුරවැසි සේවා ලාභී ප්රඥප්තිය සකස් කර ප්‍රකාශයට පත් කිරීම.
- කාර්යාලයීය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත ආචාරධර්ම සංග්‍රහයක් ඇතුළුව, සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
- දූෂණ විරෝධී මූලධර්ම වලට කැපවී සිටීමට අභිප්‍රේරණයක් ලෙස කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම.
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්‍රියාවලීන් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙළගැසෙන බව සහතික කරමින්, ජාතික දූෂණ විරෝධී සුපිළිපන්න ඇගයීම ( National Anti-Corruption Integrity Assessment) සඳහා ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාත්මක වීම.
- ඒකකයේ රාජකාරී ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ මඟ පෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
- අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම් වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශ ගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.
- පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.












