අභ්‍යන්තර කටයුතු ඒකකය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාලිම්බඩ

“සුපිරිසිදු දෑතක් - රාජකාරියට ගෞරවයක් - අනාගතයට ආදර්ශයක්”

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව ජනාධිපති ලේකම් කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එක්ව ආරම්භ කර ඇති, "සියලු රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමේ නව වැඩපිළිවෙළ" හා සමගාමීව මේ වන විට මෙම කාර්යාලයේද අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව මෙම කාර්යාලයේ හෝ මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාලව වසම් මට්ටමින් පවතින අපගේ ග්‍රාම නිලධාරී කාර්යාලයක, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී කාර්යාලයක, සමෘද්ධි සංවර්ධන නිලධාරී කාර්යාලයක හෝ සමෘද්ධි බැංකුවක, අල්ලස් ලබා ගැනීමක්, දූෂණයක්, වංචාවක් හෝ කිසියම් වෙනත් අක්‍රමිකතාවයක් ඔබ දැනුවත්ව සිදුවන්නේ නම් නාමිකව හෝ නිර්නාමිකව ඒ පිළිබඳව තොරතුරු/පැමිණිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේ පිහිටුවා ඇති අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත පහත ක්‍රමවේදයන් ඔස්සේ දැනුම්දිය හැකිය.

  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේ ස්ථානගත කොට ඇති පැමිණිලි පෙට්ටියට යොමු කිරීම
  • "අභ්‍යන්තර කටයුතු ඒකකය",

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාලිම්බඩ, පාලටුව, මාතර

යන ලිපිනයට තැපැල් මාර්ගිකව යොමු කිරීම 

  • This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත දැනුම් දීම
  • දුරකථන අංක 0412240236 - දිගුව 803 ඔස්සේ දැනුම් දීම
  • 0706736543 අංකයට වට්ස්ඇප් මාර්ගිකව දැනුම් දීම
  • www.dsmalimbada.gov.lk යන කාර්යාලයීය නිල වෙබ් අඩවිය ඔස්සේ දැනුම් දීම
  • පහත QR කේතය ඔස්සේ දැනුම් දීම

 

 

 

News & Events

15
සැප්2026
රෙදි පින්තාරු කළාව පිළිබඳ පුහුණු පාඨමාලාව

රෙදි පින්තාරු කළාව පිළිබඳ පුහුණු පාඨමාලාව

https://forms.gle/cxiZPGkieBVrEPcW8  ඉහත වැඩසටහන සදහා සම්බන්ධවීමට කැමති පුද්ගලයින්...

× IAU Popup
Scroll To Top